Header Ads

“Gajaman 2018” ගජමෑන් – ලංකාවේ පළමුවන 3D සිනමාපටය

“Gajaman 2018” ගජමෑන් – ලංකාවේ පළමුවන 3D සිනමාපටය

 අද කියන්න යන්නේ ලංකාවේ පළමුවැනි ත්‍රිමාන සජීවිකරණ සිනමාපටය ගැන. තනිකරම ඉන්දියානු සංස්කෘතික සහ සමාජීය ලක්ෂණ පෙන්වන ඉන්දීය සජීවිකරණ කාටුන් ටෙලිනාට්‍ය ආදියට හුරුවෙලා

හිටිය ලාංකේය ප්‍රේක්ෂකයින්ට අපේ රටේ සිද්දවුන සිදුවීම් ඇසුරින් ගොඩ නැගෙන ලාංකේය අනන්‍යතාවයට අනුව කතාවක් තමයි ගජමෑන් සිනමාපටය තුලින් දැකගන්නට ලැබෙන්නේ.
__________________________________________________________

                                                                                                     සමස්තයක් වශයෙන් අරගත්තම ලෝකය ලංකාව පහු කරගෙන දශක පහක් හයක් ඉස්සරහට ගිහින් ඉන්න වෙලාවක හරි මේ වගේ නිර්මාණයක් අපිට දකින්න ලැබෙනවා කියන්නේ මොනතරම් දෙයක්ද, ඒ

දේවල් වලට අපි අපිට හැකි ආකාරයෙන් අත හිත දීලා ඒ දේවල් ප්‍රසිද්ධ කරගන්න උපකාර කරන්න ඕනා. ඒ පරමාර්ථය ඇතුවයි මේ විදියට බයිස්කෝප් සිංහලෙන් අපි හැකි උපරිම අකාරයෙන් මේ දේවල්

සමාජගතකරන්න උත්සාහ ගන්නේ.අපිට අපේ දෙයක් විදියට රස විඳින්න දෙයක් නැති නිසා තමයි අපි වැඩියෙන්ම බටහිර සිනමාවට ඇලිලා ඉන්නේ. අපිට රසවිඳින්න පුළුවන් අපේ කියල හොඳ යමක්

තියෙනවනම් අනිවාර්යෙන්ම අපි ඒ දේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ඒ දේවල් අපේ දේවල් නිසා.
__________________________________________________________

                                   “Motion Capture” තාක්ෂනය භාවිතා කරලා තමයි මේ සිනමාපටය සජිවිකරණය කරලා තියෙන්නේ. එම තාක්ෂණයට අනුව සැබෑ මිනිසුන් රඟපානකොට ඔඋන්ගේ චලනයන් පරිඝනක ආධාරයෙන්

ඇනිමේෂන් ලෙස සජිවිකරණයට ලක්වෙනවා. මේ සඳහා දසුන් පතිරණ, කසුනි ප්‍රදීප්, ටිරාන් ඇතුළු පිරිසක් තමයි දායක වෙලා තියෙන්නේ. චාමික ජිනදාස සහ ජෝන් ෆොන්සේකා යන මහත්වරුන් දෙපල

විසින් රුපියල් මිලියන 75ක ඇස්තමේන්තුගත වියදමකින් Studio 101 කණ්ඩායමේ නිෂ්පාදනයක් ලෙසින් තමයි මෙම සිනමාපටය නිමැවෙන්නේ.තවම හරිහමන් විදියට පුර්ව ප්‍රචාරක පටයක් අන්තර්ජාලයට

නිකුත් කරලා නැහැ මේ ෆිල්ම් එකේ. නිල පුර්ව ප්‍රචාරක පටයක් නිකුත් වූ සැනින් අපි ඒ ගැනත් දැනුවත් වීමක් කරන්නම් ඔයාලට.
__________________________________________________________



ඉතිං මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චානක පෙරේරා මහත්මයා විසින්. ඒ මහතා පවසන ආකාරයට 2010 වසරේ ඉඳල තමයි මේ වැඩේ කරගෙන ඇවිල්ල තියෙන්නේ. ඉතිං මේ වැඩේට ඔවුන්

සෑහෙන මහන්සියක් දරල තියෙනව.ඒ වගේම මෙහි කතාව සහ තිර රචනය චුටි මල්ලි සහ පොඩි මල්ලි විදියට අපි හඳුනන සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ් මහත්වරුන්ගේ ඒ වගේම හඬකැවීම් සඳහා

මේ දෙන්න වගේම යුරේනි නොෂික, රෂි පබෝධා, දසුන් පතිරණ සුනිල් පෙරේරා යන අය දායක වෙලා තියෙනව ප්‍රධාන වශයෙන්. ඉතිං මේ දෙන්න සම්බන්ධ වෙලා හඬ කවලා කියන්නේ අනිවා සුපිරියක් බව

මේ දෙන්න හඬ කවපු ඒවා බලල තියෙන අපි හොඳාකාරවම දන්නවා. ඉතිං මේ දෙන්න මේ කතාව ගොඩ නගන්නේ ප්‍රවීණ පුවත්පත් කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා මහතාගේ ගජමෑන් කියන කාටුන් එකේ එන

චරිත ඇසුරින්. එතුමත් මේ සම්බන්ධව ඉහලින් කතා කරල තියෙනව.
__________________________________________________________



කතාව ගැන යමක් සඳහන් කරනවනම් ගජමෑන් කියන්නේ ප්‍රෙදේශයේ දේශපාලකයෙකු උන මගෝඩිස් තුමාගේ දකුණු අත. ඉතිං මගොඩිස්තුමාගේ දකුණු අත කිව්වම කරන්න වෙන වැඩ ගැන දන්නවනෙ.

පිටරට උසස් අධ්‍යාපනය හදාරල ලංකාවට එන මගොඩිස්තුමාගේ දුව පද්මි සහ එයාගේ යාලුවා ස්විටිව එයාපෝර්ට් එකේ ඉඳල ගමට අරන් එන වැඩේ පවරන්නේ අපේ ගජමෑන්ට. ඉතිං පද්මිව දැක්ක හැටියේම

ආදරයක් ඇතිවෙනවා අපේ ගජමෑන්ට, හැබැයි පද්මිට සිංහල හරියට තේරෙන්නේ නැහැ ගජමෑන්ට ඉංග්‍රීසි බැහැ. කොහොම හරි ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සහ කරලා පද්මිව යාලු කරගන්න තමයි ගජමෑන්

උත්සහ කරන්නේ හැබැයි ඉතිං ඕක මගොඩිස්තුමා දැනගත්තම වෙන දේ දන්නවනේ… ඔන්න ඔය විදියට තමයි කතාව සහ චරිත ගලායාම සිද්දවෙන්නේ. මේ වසරේදී සිනමාහල් වෙතින් අපිට ලංකාවේ

පළමුවැනි 3D සිනමාපටය දැකගන්නට ලැබේවි.
__________________________________________________________

https://youtu.be/xvgFyhmjFlo




No comments:

Powered by Blogger.