Header Ads

අලුත් වූ Gmail


අලුත් වූ Gmail
=================================================

Gmail කියන්නෙ Google නම කියවුනාම මුලින්ම මතකයට නැගෙන දෙයක්. මුලින්ම Google කියන නම ප්‍රචලිත වෙන්න හේතු වුනෙත් Gmail සේවාවම තමයි. එකල Yahoo mail භාවිත කරපු අය පවා ඉතා

ඉක්මනින්ම Gmail වලට මාරු වුණා. ඒ එහි සරළ බව සහ වැඩි ධාරිතාවකින් යුත් ඊමේල් පණිවිඩ යැවීමේ හැකියාව නිසා. කෙසේ හෝ අද වන විට බිලියන 1.2ක් පමණ ජනගහනයක් Gmail භාවිත කරනවා.

Google විසින් මේ Gmail හි සේවාව දිනෙන් දින ගුණාත්මකබව වැඩි කරන්න නොයෙකුත් අත්හදා බැලීම් වගේම ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමත් සිදුකරනවා. මේ වසරේ අප්‍රේල් මාසයේ සිට Gmail web

application එක නව සංස්කරණයකට ලක්වුණා. මේ ලිපියේ අරමුණ එම නව අගයන් ගැන විස්තරයක් කිරීමයි.
-----------------------------------------------------------------------------
ආරක්ෂාව

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Google සමගම පවසා ආකාරයට ඔවුන් Phishing protection අංගයක් එකතු කර තිබෙනවා. එය ඔවුන් හඳුන්වන්නේ Business Email Compromise (BEC) threat ලෙසයි. එමගින් වැඩි වාසියක් ලැබෙන්නේ

ව්‍යාපාරික ඊමේල් භාවිත කරන්නන් සඳහායි. ඒ අනුව වෙනත් අයෙකු මෙන් පෙනිසිටිමින් සංවේදී දත්ත (sensitive data) ලබාගැනීමට තැත් කිරීම Gmail මගින් වළකාලනවා. මේ වනවිට 99.9% ක් එසේ තැත්

කිරීම් නවතා හෝ දැනුම් දීම් සිදු කර තිබෙනවා. ආරක්ෂාව වැඩි කරමින් තවත් අංගයක් Gmail සඳහා හඳුන්වා දී තිබෙනවා. එය Gmail confidential mode ලෙස ඔවුන් හඳුන්වාදෙනවා. එමගින් ඔබ යවන ඊමේල්

පණිවිඩය සඳහා කල් ඉකුත් වීමේ දිනයක් එකතු කිරීමට පුළුවන්. තවද එම පණිවිඩය විවෘත කිරීමට අවශ්‍ය කේතයක් ලබන්නාගේ ජංගම දුරකථනය වෙත යොමු කරන්න පුළුවන්. එය සංවේදී දත්ත ආරක්ෂා

කිරීමට උපකාරී වන බවයි ඔවුන්ගේ අදහස. මෙම කල් ඉකුත්වීමේ දිනය එක් දිනක සිට වසර 5ක් දක්වා යෙදිය හැක.
-----------------------------------------------------------------------------




තවත් එක් සුවිශේෂී දෙයක් හඳුන්වා දී තිබෙනවා. එය Information Rights Management (IRM) ලෙස තමයි හඳුන්වා දී තිබෙන්නෙ. එමගින් ඔබ යොමු කරන පණිවිඩය හෝ ඇමුණුම (attachment) forward, copy,

download හෝ print කිරීමේ හැකියාව ඉවත් කිරීම හෝ ලබාදීම තේරීම ඔබට කිරීමට පුළුවන්. නමුත් මේ වනවිට එම පහසුකම ලබා දී තිබෙන්නේ G Suit නොහොත් ව්‍යාපාරික හෝ අධ්‍යාපන ඛණ්ඩ ඔස්සේ

ලබාගත් Gmail සේවා සඳහා පමණයි. නමුත් නුදුරේදීම එය free Gmail සේවාවට එක් කරනු ඇතැයි ඉඟි පළව ඇත. මෙම පහසුකම මගින් අනවශ්‍ය පුද්ගලයන් අතරට සංවේදී දත්ත හුවමාරුවීම වළක්වාගැනීමයි

අරමුණ වී තිබෙන්නේ.
බුද්ධිමත්බව
-----------------------------------------------------------------------------
ඒ සමගම Google විසින් අවධාරණය කරන කරුණක් නම් ඔවුන් විසින් අප ඊමේල් පණිවිඩ කිසිවිටෙකත් දැන්වීම් ප්‍රචාරණය අරමුණු කරගෙන නොකියවන බවයි. බොහෝවිට දැන්වීම් පළවන්නේ Google

search engine මගින් කරන සෙවුම් ආධාරයෙන්ය. නමුත් Artificial intelligence ඔස්සේ ඊමේල් කියවා කෙටි පිළිතුරු යෝජනා කිරීම සිදුවනවා. මෙය smart reply ලෙසයි ඔවුන් හඳුන්වන්නේ. මෙතෙක් smart reply

පහසුකම ලබා දී තිබුනේ mobile app සඳහා පමණයි. නමුත් මේ වසරේ සිට web Gmail යෙදුම සඳහා එම පහසුකම ලබා දී තිබෙනවා. ඒ පෙරටත් වඩා නිරවද්‍යතාව හා කාර්යක්ෂමතාව වැඩි කරමින්.
තවත් අලුත් අංගයක් විදියට Nudging පහසුකම ලබාදී තිබෙනවා. එමගින් සිදු වන්නේ ඔබට අතපසු වූ ඊමේල් පණිවිඩයක අඩංගු ප්‍රශ්නයකට පිළිතුරු දීම හෝ යම් ක්‍රියාවක් (action) කිරීමට ඔබව පෙළඹීම.

එමගින් කිසිම දෙයකින් ඔබව මග නොහැර තැබීමට Gmail උපකාරී වනු ඇත.
-----------------------------------------------------------------------------



Artificial intelligence භාවිතයෙන් ඔබට ලැබෙන digest ආකාරයේ ඊමේල් unsubscribe කිරීමට ඇසීමට පවා Gmail බුද්ධිමත්. එය සිදුවන්නේ එම ඊමේල් ඔබට ලැබෙන ප්‍රමාණය සහ ඔබ කෙතරම් ප්‍රමාණයක්

ඒවා කියවන්නේද යන්න සළකා බැලිමෙන්ය. එසේ unsubscribe කිරීමට notification එකක් ලෙස mobile app එක ඔස්සේ ක්‍රියාත්මක කිරීමටයි Google උත්සාහ කරන්නේ. එසේම mobile app එකෙන් ලබාදෙන

තවත් අලුත් ලක්ෂණයක් ලෙස High-priority notifications පෙන්වාදිය හැක. එමගින් ඔබට වැදගත් ලෙස Gmail හඳුනාගන්නා ඊමේල් පණිවිඩ සඳහා notification ලබාගැනීමට හැක. එමගින් අනවශ්‍ය email බැලීමට

ප්‍රමුඛතාව නොදී කටයුතු කිරීමට උපකාරී වනවා.
-----------------------------------------------------------------------------


නව මුහුණතක්
-----------------------------------------------------------------------------
ආරක්‍ෂිත හා පහසු ක්‍රම අතරේ නව Gmail හි අතුරුමුහුණත පවා විශාල කැපීපෙනෙන වෙනසකට ලක් වෙලා තිබෙනවා. ඉතා ඉක්මන් සහ පහසු ලෙස Gmail හි වැඩ කිරීමට අවස්ථාව ලබාදීමයි මෙමගින් Google

බලාපොරොත්තුවන්නේ. අලුත් UI design එකෙන් ඉතා ඉක්මනින් ඊමේල් පණිවිඩය සමග එවා ඇති ඇමුණුම් බැලීමට හැක. ඒ සඳහා අලුත් tab එකක් විවෘත කිරීම අවශ්‍ය වන්නේ නැහැ. Gmail අතුරුමුහුණත

තුළම ඒවා බැලීම කල හැක. තවද email පණිවිඩය මත hoover කිරීමෙන් archive කිරීම, delete කිරීම මෙන්ම snooze කිරීම කල හැක. Snooze කිරීම මගින් පසු වෙලාවක එම පණිවිඩය සමග සම්බන්ද වීමට මතක්

කිරීමක් සිදු කෙරේ.
-----------------------------------------------------------------------------
ඊට අමතරව අලුත් විශේෂාංගයක් ලෙස sidebar එකක් හඳුන්වා දී තිබෙනවා. එමගින් ඉතා පහසුවෙන් Gmail Add-ons සමග සම්බන්ධ වීම කල හැක. Calendar, Google Keep සහ Tasks යන යෙදුම් පෙරනිමි

(default) ලෙස ලැබේ. නමුත් ඔබේ අවශ්‍යතාව මත තවත් add-ons එකතු කිරීම කල හැක. එමගින්ද තවත් පිටුවකට යොමු නොවී ඊමේල් පණිවිඩ සමග කල යුතු කාර්යයන් නිම කල හැකි. අතපසු වීම් වැළකීමට

මෙම ක්‍රමය ඉතා කදිම ක්‍රමයක් වේ.
-----------------------------------------------------------------------------




තවත් විශේෂ අංගයක් ලෙස native offline capabilities පෙන්වාදිය හැක. එමගින් අන්තර්ජාලය සමග සම්බන්ධ නොවුනද දින 90ක් දක්වා පැරණි email පණිවිඩ සෙවීම, ලිවිම, ප්‍රතිචාර යොමු කිරීම වැනි දේ කල

හැක. එයද සැමට ලබාදෙන feature එකක් නොවන බවයි සඳහන් වන්නේ.

අද තාක්ෂණයේ දියුණුවත් සමග එදිනෙදා වැඩ පහසු කිරීමට Google ආයතනය ලබා දී ඇති පහසුකම් ගොන්නට මේ නව Gmail අංගද එකතුවීම සිදු වුයේ පසගිය දිනක පැවැත්වූ Googel IO වාර්ෂික

දේශනයෙන් පසුවයි.
-----------------------------------------------------------------------------


No comments:

Powered by Blogger.