Header Ads

Jurassic World: Fallen Kingdom 2018




ලොවක් බලා සිටි දැවැන්තයින්ගේ පුනරුත්පත්තිය Jurassic World: Fallen Kingdom 2018

=================================================




අද අපි කියන්න යන්නේ ඔබ කවුරුත් පුදුම කරවන කතාවක්. මීට වසර මිලියන ගණනක්ට ඉහතදී මිහිපිටින් වඳ වී ගිය සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඩයිනෝසිරස් දැවැන්තයින් යළි උපත ලබා ඇති බව

පැවසුවහොත් ඔබ කාටත් අදහාග ගන්නට බැරි වේවි. නමුත් මෙය යම්කිසි විදිහක අද්භූත කතාවක් හෝ ඇස්බැන්දුම් විජ්ජාවක් පිළිබඳව නොවේ. මේ දිනවල ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ Jurassic World

චිත්‍රපට මාලාවේ ‌‌දෙ‌වන චිත්‍රපටය හා සම්බන්ධ පුවතක්. මේ චිත්‍රපටය නිෂ්පාදනයත් සමග ඩයිනෝසර දැවැන්තයින් නැවත නිර්මාණය කිරීමක් සිදුකර තිබෙනවා. මේ කතාව ඒ පිළිබඳවයි.
__________________________________________________________


චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදනය
__________________________________________________________


Jurassic World: Fallen Kingdom යනු Jurassic Park චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය මීට පෙර නිර්මාණය වූ Jurassic World පළමු චිත්‍රපටයේ කතාව හා සම්බන්ධව ගලායන පරිදි නිර්මාණය

කරන ලද ලද්දක්. නමුත් විශේෂත්වය නම් මේ සඳහා වෙනස් අධ්‍යක්ෂකවරයෙකු තෝරාගැනීමයි. Jurassic World චිත්‍රපට මාලාවක් ලෙස නිර්මාණය කිරීමට අදහස් කරන ලද්දේ එහි පළමු චිත්‍රපටය නිර්මාණය

කිරීම්ටද පෙරාතුවයි. ‌ෙක‌ෙ‌සේ නමුත් පළමු චිත්‍රපටයට අධ්‍යක්ෂණ දායකත්වය ලබාදුන් Colin Trevorrow, එම නිර්මාණය සිදුකිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් කියා සිටියේ මීළඟ චිත්‍රපට සඳහා වෙනස් වූ

අධ්‍යක්ෂකවරුන් යොදා ගත යුතු බවයි. එමගින් කතාමාලාවට විවිධ වූ රස එක්කළ හැකි බව ඔහු අදහස් කොට තිබුණා. ඒ අනුව මෙම නව චිත්‍රපටය සඳහා ස්පාඤ්ඤය ජාතික දක්ෂ හොල්මන් (Horror) චිත්‍රපට

අධ්‍යක්ෂකවරයෙකු ලෙස නමක් දිනා සිටි J.A.Bayona අධ්‍යක්ෂවරයා වශයෙන් තෝරාගනු ලැබුවා. Jurassic World පළමු චිත්‍රපටියේදී මෙන් Colin Trevorrow සහ ඔහුගේ තිර පිටපත් සහයක Derek Connolly හා

එක්ව ෙමම නව චිත්‍රපටයේ තිර පිටපත රචනා කරනු ලැබුවා. මෙම චිත්‍රපටයේ නම වශයෙන් පළමුව යොදාගනු ලැබුවේ Jurassic World: Ancient of Future යන නමයි. පසුව එය Fallen Kingdom ලෙස වෙනස්

කර ඇත. චිත්‍රපටය බොහෝ වංශයෙන් රූගතකොට ඇත්තේ හවායි දූපත්වල සහ එංගලන්තයේ චිත්‍රාගාරවලයි.
__________________________________________________________






Dinosaurs පුනරුප්පත්තිය

********************************************************

මෙම චිත්‍රපටයේ ඇති සුවිශේෂීම වැදගත්කම් මේ සඳහා යොදා ගනු ලැබූ තාක්ෂණයයි. ඇතැම් විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම චිත්‍රපටය අනාගත සිනමාවේ හැරවුම් ලක්ෂයක්යක් බවයි. මෙම චිත්‍රපටය

සඳහා විශාල යාන්ත්‍රික Dinosaurs සත්වයින් නිර්මාණය කර දර්ශන සඳහා යොදාගෙන තිබෙනවා. පෙර චිත්‍රපටය සඳහා එලෙස නිර්මාණයය කරනු ලැබුවේ එක් සත්වයෙකුගේ හිස් පෙදෙස පමණක් වන අතර

මෙම චිත්‍රපටයේ දී විශාල යාන්ත්‍රික Dinosaurs සත්වයින් පස්දෙනෙකු නිර්මාණය කර ඇත. එමෙන්ම එලෙස නිර්මාණයය වූ සත්වයින්ගේ චලන ඉරියව් සහ ඔවුන් නිර්මාණය කිරීම්ට යොදාගත් තාක්ෂණයද

පෙරට වඩා උසස්ය. Animatronics තාක්ෂණයෙන් නිර්මාණයය කරන ලද මෙම සත්වයින් අනතුරුව පරිගණක ආධාරයෙන් CGI තාක්ෂණය යොදාගෙන ප්‍රති නිර්මාණය කර තිබෙනවා. Fallen Kingdom

චිත්‍රපටයේ දී පෙර කිසිදු ජුරාසික් පාර්ක් චිත්‍රපටයක නොදුටු තරම් විවිධ වූ Dinosaur සත්ව විශේෂයන් දැකගත හැකියි.
-----------------------------------------------------------------------------

චිත්‍රපටයේ මෙම සත්වයින් නිර්මාණය කිරීමේ කර්තව්‍ය භාරවී තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික විශේශේෂ ප්‍රයෝග කලාකරුවෙකු වන Neal Scanlan හටයි. අනතුරුව එම සත්වයින් CGI තාක්ෂණය ඔස්සේ

ප්‍රතිනිර්මාණය කිරී‌‌‌‌මේ කටයුත්ත ජනප්‍රිය චලන රූප දෘශ්‍ය ප්‍රයෝග (motion picture visual effects) නිෂ්පාදන ආයතනයක් වන Industrial Light and Magic වෙත භාර කෙරුණා.

කෙසේ වෙතත් මෙම යාන්ත්‍රික ඩයිනෝසර් සත්වයින් නිර්මාණය කිරීමට පෙර Neal Scanlan අලියන්ගේ සහ Rhinoceros සත්වයින්ගේ චලන සහ ඉරියව් පිළිබඳව දැඩිලෙස විශ්ලේෂණය කිරීම්ට සිදුවුණා.

අනතුරුව යාන්ත්‍රිකව joystick මගින් චලනය කර හැකියි මෙම දැවැන්ත සත්වයින් නිර්මාණය කරනු ලැබුවා. විශේෂත්වය නම් මෙම සත්වයින්ගේ හුස්ම ගැනීම් සහ ඇහි පිල්ලම් ගැසීම ආදි සියුම් චලනයන් පවා

ඉතා තාත්විකව දිස් වන අන්දමින් යාන්ත්‍රික සත්වයන් නිර්මාණය කර තිබීමයි. කවුරුත් නොසිතූ අන්දමින් මෙලෙස රයිනෝසරස් සත්වයින් තාත්වික නිර්මාණය කිරීම තුළ චිත්‍රපටය සඳහා රංගන දායකත්වය

ලබා දුන් රංගන ශිල්පීන් ශිල්පිනියන් ද පුදුමයට පත්වී තිබෙනවා.

-----------------------------------------------------------------------------

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ මෙලෙස animatronic සත්වයින් යොදාගනිමින් දර්ශන රූගත කිරීමේදී වියදම, කාලය සහ මහන්සිය අතින්ද අවාසිදායක වූ නමුත් උසස් හා තාත්වික දර්ශන ලබාදීමේ

හැකියාව නිසා චිත්‍රපටයට එකතුවන අගය ගණනය කළ නොහැකි බවයි. රංගන ශිල්පීන්ද කිසිවක් නොමැති හිස් අවකාශයක් දෙස බලා මනඃකල්පිත චරිත සමඟ රංගනය සිදු කිරීමට වඩා ඉහල තාත්වික බවක්

රංගනයට එක් කිරීමට මෙම යාන්ත්‍රික සත්වයින්ට හැකියාව ලැබීම ද විශේෂත්වයක්. චිත්‍රපටයේ ප්‍රධාන Dinosaurs සත්වයා ගේ චරිතය නිරූපණය කරන T-Rex නම් සත්වයා සැබෑ භෞතික විශාලත්වයෙන් යුතුව

යාන්ත්‍රික සත්වයෙකු ලෙස නිර්මාණය කර තිබීම ඇදහිය නොහැකිය.

-----------------------------------------------------------------------------

ප්‍රදර්ශනය ආරම්භය
=================================================
විශාල පරිශ්‍රමයකින් අනතුරුව චිත්‍රපටය ඉකුත් මැයි 21 වනදා ස්පාඤ්ඤයේ දී මංගල දර්ශනය ප්‍රදර්ශනය කෙරුණි. අනතුරුව ජාත්‍යන්තර ප්‍රදර්ශනය ආරම්භ කරමින් ජුුනි මස 6 වැනිදා සිට රටවල් ගණනාවක්ම

චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණි. නමුත් චිත්‍රපටය ප්‍රධාන වශයෙන් ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ ඉකුත් 22 දිනයි. ජුලි මස 6 වනදා සිට 8 වනදා දක්වා ආරම්භ වූ ජාත්‍යන්තර ප්‍රදර්ශනයෙන් ආරම්භක

සතිය තුලදී ඩොලර් මිලියන 130 -145 ක ආදායම්ක් ලබා ලබා ගැනීමට හැකි විය.
-----------------------------------------------------------------------------

ප්‍රදර්ශන ආරම්භක දිනයේ දකුණු කොරියාවේදී වැඩිම ප්‍රවේශපත් අලෙවිය සහ ආදායම ලැබූ අතර එය මේ වසරේ තිරගත වූ Avenges Infinity War පළමු දින ආදායම් වාර්තාව ද බිඳ හෙලීය. තවද Jurassic Park

කතාමාලාවේ තෙවන කතාවේ මේ දක්වා ලබා ඇති සියලු ආදායම් පසුකර යන්නට මෙම මේ නව චිත්‍රපටයට ගතවූයේ සති දෙකක් පමණි. ඩොලර් මිලියන් 170 ත් 180ත් අතර පිරිවැයක් දරා නිර්මාණය වූ ‌මෙම

චිත්‍රපටයේ සාර්ථකත්වය එහි boxoffice වාර්තාව ඩොලර් මිලියන 450.1 බවට පත්වීම තුළින් කදිමට පැහැදිලි වේ.

No comments:

Powered by Blogger.