Header Ads

Spider Man far from Home (2019)

Spider Man far from Home (2019)  | පීටර් පාකර් තමයි මකුළු මිනිසා ! | සිංහල උපසිරැසි සමග |

IMDB Ratings: 7.0/10
Directed: Danny Boyle
Released Date: 28 June 2019 (USA)
Genres: Comedy, Fantasy, Music
Languages: Hindi – English
Film Stars: Himesh Patel, Lily James, Sophia Di Martino
Movie Quality: 720p HDRip
File Size:720P 1150MB-420P 421MB

ස්පයිඩර් මෑන් කියන super hero චරිතය ගැන අපි හැමෝම දන්නවා.

මේ චරිතය ඉස්සෙල්ලාම ලෝකෙට පෙන්නමු කරේ, [Stan Lee සහා Steve Ditko] කියන පුද්ගලයන් දෙදෙනෙක්.
1962 August 15 වෙනිදා, [Amazing Fantasy] කියන comic book එකකින් තමයි ස්පයිඩර් මෑන් කියන චරිතය පෙන්නුම් කරේ. Comic book වලින් ජනප්‍රිය වුන ස්පයිඩර් මෑන් චරිතය,
Danchuck Productions සහා Marvel Television එක, එකතු වෙලා චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරන්න සූදානම් වුනා. ඉටපස්සේ 1977 director E. W. Swackhamer සහා writer Alvin Boretz Danchuck Productions එක්ක එකතු වෙලා, Spider-Man 1977 කියලා චිත්‍රපටයක් September මස 14වෙනිදා release කරා, ඒ දවස් වල තිබුන ටෙක්නිකල් සිස්ටම් අනුව,මේ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම මේ චිත්‍රපටයේ ස්පයිඩර් මෑන් සහා පීටර් පාකර් යන චරිත වලට පණ පෙව්වේ, ඒ දවස් වල හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වෙන. Nicholas Hammond,

මේ චිත්‍රපටයේ ජයග්‍රහණයත් සමඟම, 1977 චිත්‍රපටයේ කණ්ඩායම නැවත එකතු වෙලා, 1978 ආයේ Spider-Man Strikes Back කියන නමින් 1978 මැයි මස 8 චිත්‍රපටයක් release කරා.

ඉටපස්සේ මේ ස්පයිඩර් මෑන් චරිතයේ ජනප්‍රිය කම බලපු, ජැපනිස් අය, මේ චරිතය එයාලගේ භාෂාවෙන්, එයාලගේ රටේ ගන්න සූදානම් වුනා. 1978 director Kōichi Takemoto සහා writer Susumu Takaku, Toei Co., Ltd. කියන productions company එකත් එක්ක එකතු වෙලා, Japanese Spider-Man කියන නමින්, 1978 ජූලි 22 වෙනිදා චිත්‍රපටයක් release කරා. හැබැයි ඒක කෙටි චිත්‍රපටයක් නිසා, ජැපනිස් අය බලාපොරොත්තු වුන තරම්, ඒ චිත්‍රපටය ජනප්‍රිය වුනේ නෑ. ජයග්‍රහණයක් ලැබුනෙත් නෑ.

ඉටපස්සේ හොලිවුඩ් සිනමාව ,ටෙක්නිකල් සිස්ටම් එක වැඩි දියුණු වුනාට පස්සේ original movie එකක් ගමු කියලා, එතකන් animated movies නිර්මාණය කරමු කියලා 1981 තීරණය කර ගත්තා.

ඒ වගේම අවුරුදු 22 පස්සේ, Marvel Entertainment , Sony Pictures , Columbia Pictures සහා Laura Ziskin Productions සමග director Sam Raimi එකතු වෙලා Spider-Man කියන නමින් 2002 මැයි මස 3වෙනිදා චිත්‍රපටයක් release කරා. ඒ දවස් වල තිබුන ටෙක්නිකල් සිස්ටම් අනුව මේ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුනා, ඒ වගේම මේ ස්පයිඩර් මෑන් කියන චරිතයට රංගනයෙන් දායක වුන,Tobey Maguire කියන ඇමරිකන් නළුවා නිසා, මේ චිත්‍රපටයට ලොකු අයියක් ලැබුනා

මේ චිත්‍රපටයට ලැබුණු ජයග්‍රහණය නිසා, Marvel Entertainment , Sony Pictures , Columbia Pictures , Laura Ziskin Productions සමග, ආයේ director Sam Raimi එකතු වෙලා, Spider-Man 2 කියන නමින් 2004 වර්ෂයේ චිත්‍රපටයක් release කරා, මේ චිත්‍රපටයටත් ස්පයිඩර් මෑන් කියන චරිතයට රංගනයෙන් දායක වුනේ ,ඇමරිකන් නළුවෙක් වෙන Tobey Maguire තමයි. ඇමරිකන් ජනතාව අතර ගොඩක් ජනප්‍රිය වුන මේ ස්පයිඩර් මෑන් කියන චරිතය, බංකොලොත් වුනේ. 2007 වර්ෂයේ,

SONY Productions සහා Marvel Entertainment සමග director Sam Raimi එකතු වෙලා නිර්මාණය කරපු Spider-Man 3 කියන චිත්‍රපටය,2007 වර්ෂයේ මැයි 4 වෙනිදා release වුනා. හැබැයි ඇමරිකන් ජනතාව බලාපොරොත්තු වුන තරම් චිත්‍රපටය ඇවිල්ලා තිබුනේ නෑ, ඒ වගේම director Sam Raimi, Marvel Entertainment සහා Sony productions බලාපොරොත්තු වුන තරම් චිත්‍රපටය ජනප්‍රිය වුනෙත් නෑ. ඒකට හේතුව චිත්‍රපටයේ දුෂ්ට චරිත වැඩි වුන එක. චිත්‍රපටයේ දුෂ්ට චරිතවල් තුනක් තියෙනවා. ඒ චරිත වලින්, ඇමරිකන් ජනතාවගේ හිත රිද්දපු දුෂ්ට චරිතය තමයි, venom, ස්පයිඩර් මෑන් කියන චරිතයේ විරුද්ධ චරිතය. මේ එක දුෂ්ට චරිතයක් නිසා තමයි, ගොඩක් දුරට චිත්‍රපටයට ජයග්‍රහණයක් ලැබුනේ නැත්තේ. ඉතින් මේ දේ නිසාම ස්පයිඩර් මෑන් 4 script එක director Sam Raimi චිත්‍රපටයක් ලෙස ගන්න තීරණය කර ගත්තේ නෑ.

ඉටපස්සේ අවුරුදු 5කින් පස්සේ. Marvel Entertainment , Sony Pictures , Laura Ziskin Productions , Arad Productions, Inc. , Matt Tolmach Productions සමග
Director: Marc Webb සහා writer: James Vanderbilt එකතු වෙලා. ස්පයිඩර් මෑන් කියන චරිතයේ 3වෙනි version එක, 2012 වර්ෂයේ,The Amazing Spider-Man කියන නමින්, Andrew Garfield කියන ඇමරිකන් නළුවෙක් ගේ රංගනයෙන් ලෝකෙට පෙන්නමු කරා.

මේ චිත්‍රපටයෙන් ස්පයිඩර් මෑන් කියන චරිතය ගොඩක් වැඩිදියුණු කරලා පෙන්නුම් කරා. ඒ වගේම, අපේ කාලයට ගැලපෙන විදිහට ගොඩක් වෙනස් කම් සිදු වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස, වෙබ් ශූටර්, ස්පයිඩර් මෑන් 2002 වර්ෂයේ තිරගත වුන චිත්‍රපටයේ වෙබ් ශූටර් එක අත ඇතුලෙන් එනවා වගේ පෙන්නුම් කලේ. ඇත්තටම කිව්වොත් ඒක වෙන්නේ නැති දෙයක්, ඇයි කිව්වොත් ස්පයිඩර් මෑන් costume එකෙන්, ස්පයිඩර් මෑන්ගේ අත සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. අනිත් එක අතෙන් වෙබ් ශූට් කරන්න ඕනේ නම්, අතේ බල නාර ගාව පොඩියට හරි හිලක් තියෙන්න ඕනේ. බල නාර ගාව හිලක් තිබුණොත්, ස්පයිඩර් මෑන් මැරිලා තමයි යන්නේ, ලෝකේ බේරගන්න පුළුවන් වෙන්නේ නෑ. 😁,. ඉතින් මේ දේ ඇත්තටම ගොන් screenplay එකක් අපේ කාල වකවානුවට, හැබැයි The Amazing Spider-Man 2012 චිත්‍රපටයේ ඒ වගේ ගොන් screenplay එකක් නෑ, වෙබ් ශූටර් කියන ඒ සිස්ටම් එක ස්පයිඩර් මෑන් කියන චරිතයට පිටිපසින් ඉන්න පීටර් පාකර් කියන චරිතය, වෙබ් ශූට් කරන්න එයාගේ මෝලේ පාවිච්චි කරලා, උපකරණයක් නිර්මාණය කරන විදිහට, screenplay එකක් පෙන්නුම් කරනවා. ඒ විශුවල් එකෙන් ස්පයිඩර් මෑන් ගේ fantasy එක නෙමෙයි පෙන්නුම් කරන්නේ, පීටර් පාකර් ගේ නුවණක්කාර කම තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් මේ විදිහට ගොඩක් වෙනස් වීම් සිදු කරලා, ගොඩක් වැඩිදියුණු කරලා, ස්පයිඩර් මෑන් කියන චරිතය The Amazing Spider-Man කියන චිත්‍රපටයෙන් ලෝකෙට පෙන්නමු කලා.

චිත්‍රපටයටත් ලොකු ජයග්‍රහණයක් ලැබුනා. අවුරුදු 5කින් පස්සේ, ගොඩක් වැඩිදියුණු ස්පයිඩර් මෑන් චිත්‍රපටයක් බලා ගන්න පුළුවන් වුනාට, ඇමරිකන් ජනතාව අතර ගොඩක් ජනප්‍රිය වුනා මේ චිත්‍රපටය. ඉතින් මේ ජයග්‍රහණය නිසාම Sony Pictures productions , Marvel Entertainment නැවත director Marc Webb සහා writer’s Alex Kurtzman
Roberto Orci
Jeff Pinkner
James Vanderbilt සමග එකතු වෙලා, The Amazing Spider-Man 2 චිත්‍රපටය නිර්මාණය කරලා, 2014 වර්ෂයේ මැයි 2 එම චිත්‍රපටය release කලා. ඒ චිත්‍රපටයටත් ඇමරිකන් ජනතාව අතර ගොඩක් ජනප්‍රිය වුනා, ඒ වගේම ලොකු ජයග්‍රහණයක් ලැබුනා ඒ චිත්‍රපටයට.
හැබැයි කොච්චර ලොකු ජයග්‍රහණයක් ලැබුනත්, වෙන පැත්තකින් මේ චිත්‍රපටයේ ස්පයිඩර් මෑන් චරිතය ගැන Bad Reviews දෙන්න ගත්තා ඇමරිකන් ජනතාව. ස්පයිඩර් මෑන් චරිතය කියන්නේ, ස්පයිඩර් මෑන් චරිතයට රංගනයෙන් දායක වුන,Andrew Garfield ට Bad Review එකක් දුන්නා, ඒ තමයි ස්පයිඩර් මෑන් costume එකට Andrew Garfield ගොඩක් කෙට්ටු වැඩි, ස්පයිඩර් costume එකට එයා ගැලපෙන්නේ නෑ කියලා. චිත්‍රපටිය ජනප්‍රිය වුනා වගේම, මේ bad review එකත් ජනතාව අතර ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් මේ දේ නිසාම Sony productions තීරණය කර ගත්තා, The Amazing Spider-Man එකේ තුන් වෙනි කොටස ගන්නේ නෑ කියලා, දෙවනි කොටසෙන් තුන් වෙනි කොටසට ආරම්භයක් පෙන්නුම් කරලත්,තුන් වෙනි කොටස ගත්තේ නෑ Sony productions වලින්.

ඉටපස්සේ පොඩි පොඩි හේතු නිසා. Sony productions ස්පයිඩර් මෑන් කියන චරිතය Marvel productions එකට බාර දුන්නා. එතකන් Marvel Entertainment විදිහට තිබුන marvel, Marvel productions බවට පත් වුනා, Sony productions එක Sony entertainment විදිහට මාරු වුනා. ඉටපස්සේ sony productions ස්පයිඩර් මෑන් චරිතය නැති නිසා, venom කියන දුෂ්ට චරිතය super hero කෙනෙක් විදිහට පෙන්නුම් කරන්න සූදානම් වුනා. ඒ අතර Marvel productions සහා Sony entertainment, එකතු වෙලා, ස්පයිඩර් මෑන් කියන චරිතයේ හතරවෙනි version එක 2016 වර්ෂයේ Captain America: Civil War කියන චිත්‍රපටයේ, ඇමරිකන් තරුණ නළුවෙක් වෙන Tom Holland ගේ රංගනයෙන් ලෝකෙට පෙන්නමු කරා.

ඉටපස්සේ sony entertainment සහා Marvel productions, director Jon Watts සහා writer’s: Jonathan Goldstein,
John Francis Daley සමග එකතු වෙලා, 2017 වර්ෂයේ ස්පයිඩර් මෑන් හතරවෙනි version එකේ, තනි චිත්‍රපටයක් Spider-Man: Homecoming කියන නමින් release කලා. මේ චිත්‍රපටයට ලොකු පිළිගැනීමක් ලැබුණා, ඒ වගේම ලොකු ජයග්‍රහණයක් ලැබුනා. හැබැයි screenplay එක පැත්තෙන් මේ චිත්‍රපටය ටිකක් විතර පරාජයකට පත් වුනා. ඇයි කිව්වොත් ස්පයිඩර් මෑන් කියන චරිතය ගොඩක් ජනප්‍රිය චරිතයක්, ඒ වගේම iron man, bat man, super man වගේම, එක තනි super hero චරිතයක් තමයි ස්පයිඩර් මෑන් කියන්නේ. අපි 2002 ඉදන් 2014 වෙනකන් බලපු ස්පයිඩර් මෑන් චරිතය ගොඩක් බලවත්, ලේසියෙන් බය වෙන්නේ නෑ.කාටත් යටත් වෙන්නේ නෑ.අන්න ඒ වගේ ලොකු බලවත් චරිතයක් තමයි ස්පයිඩර් මෑන් කියන්නේ. හැබැයි Spider-Man: Homecoming චිත්‍රපටයේ, ස්පයිඩර් මෑන් රියල් චරිතය, screenplay එකෙන් අපිට බලා ගන්න බැරි වුනා, ඒ වගේම Tom Holland ගේ හැකියාවත් screenplay එකෙන් බාගයක් තමයි පෙන්නුම් කලේ, Tom Holland ඇවිල්ලා ජින් නාස්ටික් දන්න කෙනෙක්, ස්පයිඩර් මෑන් ඇක්ෂන් විශුවල් වලට ගොඩක් ගැලපෙන නළුවෙක් තමයි Tom Holland. හැබැයි Spider-Man: Homecoming චිත්‍රපටයේ Tom holland ගේ හැකියාවත් බලා ගන්න පුළුවන් වුනේ නෑ. ස්පයිඩර් මෑන් කියන චරිතයත් හැම කෙනෙක්ටම බය වෙන චරිතයක් සහා අයන් මෑන්ගේ යටතේ වැඩ කරන super hero කෙනෙක් විදිහට තමයි පෙන්නුම් කරලා තිබුනේ.

ඉතින් ඒ දේ ඇමරිකන් ජනතාව ලොකු අඩුපාඩුවක් විදිහට පෙන්නුම් වුනා. හැබැයි Avengers end game චිත්‍රපටයේ, press meeting එකේදී, ස්පයිඩර් මෑන් හතරවෙනි version එකේ, දෙවනි කොටසේ චිත්‍රපටයෙන්, පරණ ස්පයිඩර් මෑන්ව බලා ගන්න පුළුවන් වෙයි කියලා, announcement එකක් කරලා තිබ්බා. එයාලා කිව්ව විදිහටම Spider-Man: Far From Home චිත්‍රපටයෙන් පරණ ස්පයිඩර් මෑන් චරිතය බලා ගන්න පුළුවන් වුනා,

Spider-Man: Far From Home, Sony entertainment සහා Marvel productions, Columbia Pictures, Pascal Pictures සමග ,director Jon Watts සහා writer’s:Chris McKenna,Erik Sommers එකතු වෙලා 2019 වර්ෂයේ ජූලි 2 තිරගත කලා, ලංකාවට ජූලි 5 තිරගත වෙන්න පටන් ගත්තා. Avengers end game එකෙන් පස්සේ, Marvel NEW Version එකේ පලවෙනි super hero චිත්‍රපටය නිසා, Spider-Man: Far From Home චිත්‍රපටයට ,ඇමරිකන් ජනතාව ලොකු බලාපොරොත්තුවක් තියන් හිටියා. එයාලා බලාපොරොත්තු වුන විදිහටම චිත්‍රපටයත් ගොඩක් හොදට ඇවිල්ලා තියෙනවා.

ටෙක්නිකල් පැත්තෙන් හැම දෙයක්ම ගොඩක් හොදට තියෙනවා. Spider-Man: Homecoming එකට වඩා, Spider-Man: Far From Home චිත්‍රපටයට හොඳ edition එකක් කරලා තියෙනවා. Graphics ඔක්කොම 100% සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ වගේම 3D death visuals,චිත්‍රපටයේ ගොඩක් zoom out visuals තියෙනවා, ඒ වගේ visuals වල 3D death affects ගොඩක් ඩීප් එකට පෙන්නුම් කරලා තියනවා. 3D effects ගැන කියන්නම ඕනේ, තියටර් එකට ගිල්ලා බැලුවොත්,හොඳ 3D අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ඇයි කිව්වොත් ගොඩක් ලොකු දුෂ්ට චරිත තියෙනවා මේ චිත්‍රපටයේ, ඒ චරිතවල් වලට දීලා තියෙන 3D effects, ගොඩක් ඩීප් එකට දීලා තියෙනවා. චරිතවල් ගොඩක් ලොකුවට පෙනෙන නිසා, 3D Visual effects ටිකත් ගොඩක් ලොකුවට පෙන්නුම් වෙනවා. චිත්‍රපටයට හොඳ quality visual එකක් දෙන්න Editers:Dan Lebental සහා Leigh Folsom-Boyd ගොඩක් මහන්සිය වෙලා තියෙනවා. ඒ වගේම ඇක්ෂන් screenplay එක, පරණ ස්පයිඩර් මෑන් චරිතය බලා ගන්න පුළුවන් කමක් තියෙනවා ඇක්ෂන් screenplay එකෙන්. Climax ඇක්ෂන් සීන් එකත් ගොඩක් හොදට ඇවිල්ලා තියෙනවා. චිත්‍රපටය බලනකොට ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්.

Fantasy screenplay, චිත්‍රපටයෙන් වැරදුන පැත්තක්, ඇක්ෂන් screenplay එකත් හොදට ඇවිල්ලා තියෙනවා, ටෙක්නිකල් screenplay එකත් හොදට fantasy ගතියට තියෙනවා. හැබැයි රියල් විශුවල් පැත්තෙන්, fantasy එක සහා screenplay එක ටිකක් වැරදිලා තියෙනවා. චිත්‍රපටය බලපු අයට, ඒක තේරුම් ගන්න පුළුවන්. ලොකු උත්සාහයක් දක්වලා තියෙනවා, BGM music එකට හරියන විදියට, screenplay එකෙන්, රියල් විශුවල් වල fantasy ගතිය වැඩි කරන්න, හැබැයි ඒ දේ හරියට පෙන්නුම් වෙන්නේ නෑ. සීන් එකක් පටන් අරන් තප්පර 10ක් ඉවර වෙන්න කලින්, ඒ සීන් එකේ ගැම්ම නැති වෙලා යනවා. හැබැයි climax එකේ, පොඩි සීන් එකක් තියෙනවා, ඒ සීන් එකේ fantasy එක ගොඩක් ලස්සනයි. ස්පයිඩර් මෑන් airplane එක උඩ ඉදන් බිමට පනිනවා වගේ සීන් එකක්. ඒ සීන් එක අපිට zoom out කරලා තමයි පෙන්නුම් කරන්නේ. ඒ හරිය ගොඩක් ගැම්මට තියෙනවා.

මේ අතර, මම දන්න විදිහට මේ චිත්‍රපටයේ ප්‍රදාන චරිත තුනක් තියෙනවා. පලවෙනි චරිතයට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. Samuel L. Jackson , දෙවනි චරිතයට Tom Holland ගේ සැබෑ ආදරවන්තිය වෙන Zendaya,රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම තුන් වෙනි චරිතයට ඇමරිකාවේ ජනප්‍රිය නළුවෙක් වෙන Jake Gyllenhaal පණ පොවලා තියෙනවා.

Jake Gyllenhaal ගේ චරිතය, චිත්‍රපටය පටන් ගන්නකොට සයිඩ් චරිතයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ, හැබැයි චිත්‍රපටය බාගයක් විතර බලනකොට තමයි, දැන ගන්න පුළුවන් Jake Gyllenhaal ඇවිල්ලා කොච්චර ලොකු ප්‍රදාන චරිතයක්ද කියලා මේ චිත්‍රපටයේ.







720p 1.1GB
 💯 Download Link 💯
👇👇👇👇👇
https://www.indishare.org/172ld475jolt
https://uptomega.com/q97v7nvtwx15
https://dl1.indishare.in/172ld475jolt
https://desiupload.in/zpufkcc1c4uu
https://clicknupload.org/981ajja8t4mb
https://uploadbuzz.org/xynh6yf726ah
https://upload.ac/vxeteiylgmaf
https://uploadever.com/neupns6ayq4j
https://dl.bdupload.in/mmzupmiksumm
https://ww.9xupload.info/vlax78xsjq3s
https://dbupload.in/sw90n7l5c9qd
https://ddl.to/0cmfb6yt0hvz
https://mirrorace.com/m/1yx30
https://uptobox.com/mjtzzhc9f8q5
https://userscloud.com/eykjys7ql0ox
https://cloudvideo.tv/itjop5rm6i2j
https://multiup.org/download/76b2a229645b35d0a9af6377960cae38/0QHgnddd8o7vqgXl3b1bLPpNdGe8bmWZrv0yhBAlCtH3nUXthPenrYw5mRW46MENYL7PI.mkv
https://streamango.com/f/rbppmotcmlcskbqq/QcCPf8lRDuD3G4X5PFZbarNpaw3wMEzLKfjpOSCornpObZDpKf5molsHjthC3hW60cdLU_mkv
https://megaup.net/1sd0K/DMYr5CryLxZdbW3zJFiDyGhjWCZZRLXfUUSqtXhQFsxkLofXZMLnR6uYunc0tFoet6tAn.mkv



 💯 Download Link 💯
👇👇👇👇👇

420P  421MB
http://snowfiles.com/2atq35nxld19
https://ddl.to/b6j3jig5lbcs
https://megaup.net/1sn9x/

No comments:

Powered by Blogger.