Header Ads

Apple iOS 11.3 තුලින් ලොවට එන නවතම ඩිජිටල් අත්දැකීම්

Apple iOS 11.3 තුලින් ලොවට එන නවතම ඩිජිටල් අත්දැකීම්
=================================================
නවතම iOS 11.3 update එක මගින්  iPhone X හරහා Animoji නමින් animated emoji පෙළක්ද, පහසුවෙන් සෞඛ්‍ය වාර්ථා බැලීමට ඇති හැකියාව සහිත නවතම Health app එකක් සහ ස්වාභාවික පරිසරයන්ට

සමාන  වූ තාක්ෂණය මගින් ලබා ගැනීමට (Augmented Reality) හැකි නවතම ක්‍රම රැසක් ඇතුළු අතිවිශිෂ්ට හඳුන්වාදීම් පෙළක් iPhone සහ iPad භාවිතා කරන්නන් වෙත හදුන්වා දී තිබෙනවා. ඒ හඳුන්වා දුන්

විශේෂාංග ගැන කෙටියෙන් විස්තරයක් මේ ලිපියෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
නව AR අත්දැකීම
-----------------------------------------------------------------------------
ARKit 1.5 නවම හදුන්වාදීම මගින් මේස පුටු වැනි තිරස් මතුපිට වල ඇති වස්තුන්ට අමතරව, බිත්ති සහ දොරවල් වැනි සිරස් පෘෂ්ඨ මත ඇති සහ වක්‍රාකාර අක්‍රමවත් හැඩැති වස්තූන්වල පවා හැඩයන් වඩාත්

නිවැරදිව හදුනා ගැනීම මෙන්ම ඒවායේ ප්‍රමාණ නිර්ණය කිරීම් කල හැකිය. මෙමගින් කෞතුකාගාර වැනි ස්ථානවල සංඥා, පෝස්ටර් සහ කලා කෘති ආදිය ස්ථානගත කිරීමට අවශ්‍ය ප්‍රමාණ ගණනය, අදාළ

තීරණයන් ගැනීම පහසු වෙනවා. ඊට අමතරව පෙරට වඩා 50% කට වැඩි කැමරා විභේදනයක් (resolution) ද මෙහි අන්තර්ගත වෙනවා.-----------------------------------------------------------------------------
 iSO_Apple_AR_ExperienceAnimoji-----------------------------------------------------------------------------
Animoji කියල කියන්නේ iPhone X භාවිතා කරන්නන් අතර ඉතා ජනප්‍රිය හඬ සහ මුහුණේ අංගචලන අනුකරණය කළහැකි නවතම හදුන්වාදීපු emoji විශේෂයක්. මේ නවතම update එක හරහා අලුතින්

සිංහයයෙකු, වලසෙකු, මකරෙකු හෝ හිස්කබලක් ලෙසින් Animoji පෙළක් හදුන්වලා දෙනවා. iPhone X භාවිතා කරන්නන්ට මුළු Animoji ගණන දැන් 16ක් ලෙසින් වැඩි වෙන නිසා ඔවුන්ට ඒ අතරින් තමන්ට

කැමති ආකාරයකට Animoji එදිනෙදා කෙටි පණිවිඩ වලට යොදාගන්න තෝරාගන්න පුළුවන්.
-----------------------------------------------------------------------------
Animoji_Dragon
-----------------------------------------------------------------------------
Animoji_Lion
බැටරි ක්‍රියාකාරීත්වය කළමනාකරණය

-----------------------------------------------------------------------------
තවද iOS 11.3 මගින් බැටරියේ ආයු කාලය මැනීමට මීටරයක් සහිත app එකක් අඩංගු වන අතර මේ හරහා බැටරියේ ආයුකාලය මැනීමට අමතරව අනාරක්ෂිත බැටරි පරික්ෂා කිරීම සඳහා උපදෙස් ලබාදීම් පවා

සිදු කරනවා. අනපේක්ෂිත ක්‍රියාවිරහිතවීම් වැලැක්වීම සඳහා උපරිම බැටරි ක්‍රියාකාරීත්වය කළමනාකරණය කිරීමේ හැකියාවත් මෙහි අන්තර්ගත වෙනවා. මේ පහසුකම් iPhone 6 සහ ඊට පසු දුරකථන වලින්

ලබා ගන්න පුළුවන්.
-----------------------------------------------------------------------------
 සෞඛ්‍ය වාර්තා ලබා ගත හැකි Health App එක
-----------------------------------------------------------------------------
මේ අංගය මගින් අදාළ තැනැත්තාගේ විවිධ වෛද්‍යවරුන්ට සහ සායන වලට අදාළ සියලුම සෞඛ්‍ය තොරතුරු එක් ස්ථානයකට, එකතු කිරීමක් සිදුකරන අතර ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල, ඖෂධ, කොන්දේසි

සහ වෙනත් නිවේදන නිතිපතා දැනුම් දීමක් සිදු කරනවා. මේ සියුම් තොරතුරු සියල්ල සංකේතාංකනය කර මුරපදයකින් ආරක්ෂා කරල තිබෙනවා (encryption).
-----------------------------------------------------------------------------


iPhone_X_Health_Records_screen
-----------------------------------------------------------------------------
තවද  iOS 11.3 හරහා, Business Chat මගින් කෙටි පණිවුඩ හරහා ව්‍යාපාර සමඟ සෘජු ලෙස සම්බන්ද වීමටත්, Apple Music හරහා දැන්වීම් වලින් තොරව අන්තර්ජාලය හරහා සංගීතය රසවිදීමටත් , Apple

News මගින් යාවත්කාලීන ප්‍රවෘත්ති ලබා ගැනීමටත්, HomeKit මෘදුකාංගය මගින් ගෘහස්ථ දෘඪාංග නිෂ්පාදකයින්ට අතිරේක ආරක්ෂාවක්ද, Advanced Mobile Location (AML) හරහා අත්‍යවශ්‍ය හදිසි අවස්ථා

වලදී ගැලවූම් සේවාවන් වෙත දුරකථන ඇමතුම් ලබා ගත්විට ඒ අදාල ගැලවූම් සේවා ආයතනයට දුරකතනය තිබෙන ස්ථානය දැනුම්දීමටත් හැකියාව උදා කරදීල තිබෙනවා.
-----------------------------------------------------------------------------

iPhone_X_Apple_Business_Chat
-----------------------------------------------------------------------------


මේ සියල්ල මේ වසර මාර්තු මාසයේ  අවසානයේ සිට  ඔබට iPhone හරහා දැකගන්න





No comments:

Powered by Blogger.