Header Ads

ලොව ප්‍රථම පසුපස කැමරා ත්‍රිත්වයකින් යුත් HUAWEI P20 Pro ජංගම දුරකථනය දැන් ඔබටත්

ලොව ප්‍රථම පසුපස කැමරා ත්‍රිත්වයකින් යුත් HUAWEI P20  Pro ජංගම දුරකථනය දැන් ඔබටත්
=================================================

HUAWEI සමාගම විසින් නිපදවූ ලොව ප්‍රථම කැමරා ත්‍රිත්වයකින් යුත් HUAWEI P20 Pro ජංගම දුරකථනය පහුගිය සිකුරාදා (27) ශ්‍රී ලංකාවේදී එළිදැක්විණි. මෙම ජංගම දුරකථනය එම සමාගම මගින් එළිදැක්වනු ලැබූ නවතම විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් ජංගම දුරකථනයක් වන අතර  මෙය ඔවුන්ගේ නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් (flagship product) ගනී.
__________________________________________________________
                       P20-pro_listiamge-black huawei-p20-pro-gradient-purple-original
__________________________________________________________
HUAWEI P20  Pro  ජංගම දුරකථනයේ විශේෂාංග 

__________________________________________________________
මෙම ජංගම දුරකථනය භාහිර පෙනුමෙන් iPhone X  ජංගම දුරකථනය ආකාරයේ වන අතර  Black, Twilight Pink, Gold, සහ Midnight Blue යන වර්ණ වලින් වෙළදපොලට පැමිණේ. එහි  අගල්  6.1 ක  විශාලත්වයකින් යුත් 16.7M වර්ණ සහිත FHD OLED (1080 x 2240, 408 PPI) තිරයක් ඇත. මෙහි මෙහෙයුම්  පද්ධතිය  Android™ 8.1 වන අතර HUAWEI Kirin 970 CPU ප්‍රොසෙසරයකින් සමන්විත වේ.  මෙහි මතක ධාරිතාව 6 GB RAM + 128 GB ROM වේ.
__________________________________________________________
මෙහි ඉතා ඉක්මනින් ආරෝපිත වන (Fast Charging) 4000 mAh බැටරියක් පවතින අතර එමගින් දිගු කාලයක් එහි බලය පවත්වා ගනී. නමුත් මෙම ජංගම දුරකථනය රැහැන් රහිතව ආරෝපණය කිරීමේ හැකියාවක් (Wireless Charging) නොපවතින අතර  USB Type-C port එකක් උපයෝගී  කරගෙන ඉතා ඉක්මනින් charge කර ගත හැක.
__________________________________________________________
මෙහි තිරයට පහළින් ඇති  ප්‍රධාන Home බොත්තමෙහි ඇඟිලි සලකුණු සංවේදකයක් ස්ථාපනය කර ඇති අතර එය මගින් ජංගම දුරකථනය එහි හිමිකරුට පමණක්  ජංගම දුරකථනය අගුළුලා (Screen Lock) ඇති අවස්ථාවක අගුළු ඉවත් කිරීමට අවස්ථාව සලසා දී ඇත. මෙයට සම්මත  ප්‍රමාණයේ නැනෝ SIM ඇතුළු කල හැකි අතර LTE TDD / LTE FDD / WCDMA / EDGE  සහ  GPRS යන ආකාර වල ජාල සම්බන්ධතා  ඇති කර ගත හැක.
HUAWEI P20 Pro ජංගම දුරකථනය  මගින් හදුන්වා දෙන කැමරා ත්‍රිත්වය සැබැවින්ම වැදගත්ද?
__________________________________________________________
Huawei P20 Pro Camera Details
__________________________________________________________
වර්ථමානයේ හදුන්වා දෙන බොහෝ ජංගම දුරකථන අනෙක් දුරකථන වලට වඩා නව මුහුණුවරක්  ලබා ගැනීමේ   බලාපොරොත්තුවෙන් ද්විත්ව කැමරා, OLED තිර වැනි නව විශේෂාංග එකතු කිරීමක් හෝ 3.5mm හෙඩ්ෆෝන් ජැක් ඉවත් කිරීම වැනි  පෙර සිට පැවති විශේෂාංග නව ආකාරයකින් එලි දැක්වීම සිදු කරයි.  මෙලෙසින්ම HUAWEI සමාගම HUAWEI P20 ජංගම දුරකථනය  තුලින් කැමරා ත්‍රිත්වයක් හදුන්වා දී  තිබේ.
__________________________________________________________
මෙම ජංගම දුරකථනය 40MP RGB පිටුපස කැමරාවකින් යුක්ත වේ. මෙහිදී භාවිතා කරන Leica කාච පද්ධතිය උපයෝගී කරගෙන ඉතා දුරින් පිහිටි වස්තුවක පවා වඩා පැහැදිලි ඡායාරූප ගැනීමක්  සිදු කල හැකි අතර ඒ සදහා  ත්‍රිත්ව කැමරාවේ ඇති  5 ගුණයකින් විශාලනය කරන  ලද (5X Hybrid Zoom) ඡායාරූප ගැනීමේ හැකියාව භාවිතා කල හැක. තවද HUAWEI AI Image Stabilization  මගින් ඔබට නොසෙල්වූ (Blur Free) පැහැදිලි ඡායාරූපයක් රාත්‍රී  කාලයේදී වුවද ඡායාරූප ගත කිරීමක් සිදු කල හැක.
__________________________________________________________
huawei-p20-pro-take-photosrapidly-
__________________________________________________________
තත්පරයට රාමු 960 ක (960fps) චලන වේගයකින් යුතුව ඔබේ ජීවිතයේ වඩාත්ම වටිනා අවස්ථා වල  වීඩියෝ දර්ශන ලබා ගැනීමේ අවස්ථාවක් මෙම මෙම ත්‍රිත්ව කැමරා තුලින් ලබාදෙන අතර 24 MP ඉදිරිපස කැමරාව මගින් දිවා හෝ රාත්‍රී  කාලයේදී  ඔබගේ දර්ශනීය දීප්තිමත් ඡායාරූප ලබා ගැනීමද සිදු කල හැක.
__________________________________________________________
Huawei P20 Pro Camera Modes


HUAWEI  Master AI  සහාය ඇතිව ඡායාරූප ගැනීමේ අවස්ථා ආකාර 19 ක් මෙම ජංගම දුරකථනයට  හඳුනා ගත හැකි අතර එමගින් වෘත්තීය ඡායාරූප ශිල්පියන් ගනු ලබන ආකාරයේ ඡායාරූප ලබා ගැනීමක් සිදු කල හැක.

මෙම HUAWEI P20 Pro ස්මාර්ට් ජංගම දුරකථනය දැනටමත් ශ්‍රී ලාංකීය වෙළදපොලේ විවිධ තරගකාරී  මිල ගණන් යටතේ ගැනීමට ඇත.  HUAWEI සමාගම විසින් නිෂ්පාදිත ස්මාර්ට් ජංගම දුරකථන අතර ප්‍රධාන තැනක් (flagship product) ගන්නා මෙම ජංගම දුරකථනය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතරේද  නුදුරු අනාගතයේ  ජනප්‍රිය ජංගම දුරකථනක් බවට පත් වනු ඇත.

No comments:

Powered by Blogger.