Header Ads

Datally data saving app

Datally data saving app
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
 මේක දාන්නේ කිහිප දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් නිසා..
-----------------------------------------------------------------------------
" අපේ ඩේටා ඔන් කරාම ගොඩක් කැපෙනවානේ... වාෂ්ප වෙනවා වගේ"
-----------------------------------------------------------------------------
එක ගොඩක් දෙනක්ට තියෙන ප්‍රශ්නයක්...
-----------------------------------------------------------------------------
ඉතින් මේ ඇප් එකෙන් ඔයාලට එකට විසදුම ලැබෙනවා... ප්ලේ ස්ටොර් එකේ තියෙන ගොඩක් ඇප් අතරේ මේ ඇප් එකට තමයි මගේ හිත ගියේ...
-----------------------------------------------------------------------------
• ඇයි මේ ඩේටා වැඩිපුර කැපෙන්නේ ?
ගොඩක් වෙලාවට එහෙම ඩේටා කැපෙන්න හේතුව වෙන්නේ, ඔයාලා ඉන්ස්ටොල් කරලා තියෙන ඇප් සමහර එවා Background Run වෙන එක නිසා. අන්තර්ජාලය සමග සම්බන්දවන සමහර ඇප් ඔයාලා Run කරේ නැතත් ඇතුලින් එවාග Data Received and Send කරන්න ඩේටා වැය වෙනවා... තව දුරකතනයේ යාවත්කාලින කිරිම් Updates Auto download වෙන්න පුලුවන් WIFI පාවිච්චි කරනවා වගේ නම්.. ඕක මම කියන්න ඕනි නැ කියලා දන්නව.. ඕක දන් නැති කෙනෙක් නැනේ.
-----------------------------------------------------------------------------
රායිට්... දැන් කියන්නම් මේ ඇප් එකෙන් අපිට කරගන්න පුලුවන් වැඩ ටික.
-----------------------------------------------------------------------------
1. Data Saving - මෙතනින් පුලුවන් අපි වැඩ කරන අතරේ background එකෙන් run වෙන අනවශ්‍ය app වලට යන ඩේටා සීමා කරන්න. ඩේටා ඉතුරුවක් වෙනවා
-----------------------------------------------------------------------------
2. Daily limited - මෙතනින් පුලුවන් අපිට දවසකට ඩේටා වැය වන ගාන සීමාවක් දෙන්න උදා - මම දෙනවා අද දවසට 100mb ලිමිට් කරන්න.. එතකොට මම මොනා කරත් අද දවසේ ඒ 100 සිමාව පැන්නම එතනින් එහාට සිමාවෙන් එහාට යන් නැහැ
-----------------------------------------------------------------------------
3. Bed time mode - අපිට ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි රැට ඩේටා ඔන් කරලා නින්ද යන එක...ඒකට විසදුම තමයි මේ.. අපිට පුලුවන් මෙකෙදි Start & End වෙලාවක් සටහන් කරන්න , උදා - මම දෙනවා රාත්‍රි 10.00 ඉදලා උදේ 06.00 වෙනකන් ලිමිට් කරන්න කියලා.. එතකොට මට අමතක වෙලා ඩේටා ඔන් එකේ ඉදන් නින්ද ගියත් රාත්‍රි දහයට ඩේටා කනෙක්ෂන් ලිමිට් වෙලා ආපසු උදේ හයට ඔන් ලිමිට් අයින් වෙනවා.
-----------------------------------------------------------------------------
4.Emergency bank - මෙකේදි අපට පුලුවන් අපි දැනට දාලා තියෙන ඩේටා බැලන්ස් එක සටහන් කරලා තියන්න.. එහෙම කරාට පස්සේ අපි පාවිච්චි කරන ඩේටා එක්ක Count වෙලා අපිට Alert කරනවා අපි දාගත්ත බැලන්ස් එකෙන් කොච්චර පාවිච් කරලද කියලා.
-----------------------------------------------------------------------------
5.Track Hostpot - මේක ගොඩක් වැදගත් වෙයි.. අපි යාලුවෝ එක්ක ඉන්නකොට එතනින් එකෙක් හරි ඉන්නවනේ " අඩේ Hostpot on කරපන් " කියන අය. අන්න එතකොට තමයි අපිට මේක වටින්නේ.. අපේ ඩේටා ⁣සේරම යාලුවාට යුස් කරන්න නොදි අපිට ඇහැකි ඒක ලිමිට් එකක් දෙන්න ( මේ Option එක සමහර Huawei දුරකතන වලට තියෙනවා , අනික් එවානම් දන් නැහැ )
-----------------------------------------------------------------------------
6. Guest mode - මේකත් ගොඩක් වටින Option එකක්. මෙතනදි වෙන්නේ අපි කාගේ හරි අතට පොන් එක දුන්නොත් එයා අපේ පොන් එකෙන් පාවිච්චි කරන ඩේටා ලිමිට් කරලා තියන්න පුලුවන් විම.. එතකොට එයාට ඒ ලිමිට් එකෙන් එහාට අපේ දුරකතනයේ ඩේටා පාවිච්චි කරන්න බැරි වෙනවා...
-----------------------------------------------------------------------------
ඉතින් ඔය විදිහට තමයි මේ ඇප් එක ගැන විස්තර. ගොඩක් දෙනෙක්ට මේ ඇප් එක වැදගත් වෙයි කියල හිතලා තමයි මම Post එකක් දැම්මේ නැත්නම් මම Mod app post දාන්නේ නැහැ සාමානයෙන්...
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
මේ ඇප් එක ඔයාලට පුලුවන් මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.. 5mb apk - https://www.mediafire.com/file/g474l4wnegt5w8w/Datally_data_saving_app_by_data_horu_mod.apk/file




No comments:

Powered by Blogger.