Header Ads

HDD සහ SSD පැහැදිලි කරගමු-

------HDD සහ SSD පැහැදිලි කරගමු-------

HDD එක Secondary Storage ගනයට අයත් වල නෂ්‍ය නොවන මතකයක්. මෙහි දත්ත (Data) රදවාගන්නෙ චුම්බක බලයක් තියෙන ලෝහ කොටසක. (Metal Platter) HDD එකේ සෙලවෙන කොටස් තියෙනවා. දත්ත රදවාගන්න ලෝහ කොටස් කැරෙකෙමින් තමා තියෙන්නෙ . දත්ත කියවීමට (Read) සහ ලිවීමට (Write) තිබෙන බාහු කොටසත් (Actuator )එහාට මෙහාට වෙමින් සෙලවෙමින් තියෙන කොටසක්.

මොකක්ද මේ SSD කියන්නෙ ? SSD - Solid State Drive ( Semiconductor Storage Media ) සින්හලෙන් කිව්වොත් ඝන තත්වයේ උපාංග. මේහි දත්ත රදවාගන්න කොටස් වල සෙලවීමක් නෑ . නමුත් HDD එකෙන් කරන සියලුම දේවල් කරන්න පුලුවන් . මෙ SSD වල දත්ත රදවාගන්න බාවිතා කරන්නෙ Flash Memory Chips . මෙම Flash memory Chip , USB හරි Memory Card වල බාවිතා වන Flash Memory වගේ නෙමෙයි ඊට වඩා වේගයක් තියෙනවා . ඒවගේම මිලත් වැඩියි.

HDD සහ SSD වල වාසි සහ අවාසි..


මේ දෙකෙන්ම වෙන්නෙ එකම දේ තමා. System එක Boot කරන එක.
Application , document files තියාගන්න එක වගේ.. ඒත් මේ දෙකේම වෙනස්කම් තියෙනවා .

මිල (Price) :-

Gigabyte එකකට යන වියදම SSD වල HDD Drive වලට වඩා වැඩියි. 1TB HDD Drive එකක් (7200rpm) රුපියල් වගේ වෙන්නෙ. එතකොට 256GB SSD එකක් රුපියල් වගේ වෙනවා. එච්චර වියදම් කරන්න අමාරු අයට මේක ගැලපෙන්නෙ නෑ
. HDD එකක් ගන්න එක ගොඩක් ලාභයි.

වේගය (Speed ) :-

මේක තමා SSD වල ප්‍රධාන කාරනය.SSD එකක් තියෙන Computer එකක් තත්පර කිහිපයකදී අනිවාර්යයෙන් Boot වෙනවා.ඒත් HDD එකක් ඊට වඩා ගොඩක් වෙලාව ගන්නව Boot කරන්න. SSD එකක් තියෙන PC එකක Application ඉක්මනින් Run වෙනවා . Games play කරද්දි ඉක්මනින් Load වෙනවා . Files ඉතාමත් ඉක්මනින් Read කරන්න සහ Write කරන්න SSD එකකින් පුලුවන්.

ඛණ්ඩනය (Fragmentation ) :-

HDD Drives වල විශාල Files Write කරද්දි එක දිගට File එක Write කරන්න Platter එකේ ඉඩ මදි වෙන වෙලාවල්වලදී Platter එකේ තැන් තැන් වල File එක Write කරන්න පුලුවන්. ඒකට Fragmentation කියල කියනවා. (ඛණ්ඩනය ) ඒත් SSD වල Fragment වීමක් සිදුවෙන්නෙ නෑ. Fragment වෙන HDD වල අමතර වෙලාවක් ගතවෙලා වේගය අඩු වෙන්න පුලුවන්. SSD ඒ අතින් වේගවත් වෙනවා.

Durability (කල් පැවැත්ම) :-

HDD වල එහාට මෙහාට වෙන සෙලවෙන කොටස් වලින් යුක්ත නිසා ඒකෙ Durability එක අඩුවෙන්න පුලුවන්. ඒ වගේම Files read කරීමක් සිදුවෙන වෙලාවක විදුලි විසන්ධි වීමක් නිසා Head එක Platter එකේ වැදිල හීරෙන්න පුලුවන්. ඒ ස්ථාන වල Bad sector ඇතිවෙන්න , Files Damage වෙන්න පුලුවන්. SSD වල සෙලවෙන කොටස් නැති නිසා කල් පැවැත්ම වැඩියි.

Noise (ශබ්දය ) :-

ඔයාලට ඇහිල ඇති ගේම් එකක් Play කරද්දි , PC එක On වෙද්දි කර කර ගාන සද්දයක් Pc එකෙන්. ඒ HDD එක Files read කරන සද්දෙ තමා. ඔය සද්ද බද්ද මුකුත් නෑ SSD එකක. මොකද ඒකෙ හෙලවෙන කොටස් මුකුත්ම නැති නිසා..

Power :-

SSD වල Mechanical parts (සෙලවෙන ) මුකුත් නැති නිසා HDD එකක කොටස් වලට වඩා අඩු විදුලියක් තමා SSD වලට යන්නෙ.

මේවගේ වෙනස් කම් තමා Hdd And ssd අතර තියෙන්නෙ.

HDD එකක් Pc එකකට ඇති. හොද Speed එකක් අවශ්‍ය , මුදල් තියෙන අයට SSD එකක් Pc එකට එකතු කරගන්න පුලුවන්. Budget pc එකක් හදන , Heavy Downloaders වගේ අයට ගැලපෙන්නෙ HDD , එයාලට SSD ඕනෙම නෑ.. SSD එකකට යනවනම් Windows වලට සහ නිතරම අවශ්‍ය වෙන Application වලට ඒක භාවිතා කරන්න. ( පරිගණකයේ C: partion එක විදිහට. )Storage වලට 1TB or 500GB HDD එකක් තියාගන්න. Computer ඒකේ අනිත් Parts හොදට තියෙනවා නම් දැනෙන්‍න Speed එකක් ගන්න පුලුවන් SSD එකකින්.



No comments:

Powered by Blogger.