Header Ads

PC එකේ ප්‍රොසෙසරේ හරියට කූලින් කරමු

🎯🎯🎯 PC එකේ ප්‍රොසෙසරේ හරියට කූලින් කරමු 💚💚
=================================================
👇👇👇👇👇

අද වෙද්දි අපි භාවිතා කරන ස්මාට්ෆෝන් , ලැප්ටොප් , ඩෙස්ක්ටොප් වගේ පරිගනකයක මොළය තමයි ප්‍රොසෙසර් එක. ඉතින් අපි මේ පරිගනක පාවිච්චි කරලා වැඩ කරද්දි ඒ මොළේ වෙහෙසෙනව වගේම අධික තාපයක් පිටකරනවා. ඒ නිසා කාර්යක්ෂමතාවය ඉක්මනින් පහළ බහිනවා. මේ හේතුව නිසා ප්‍රොසෙසර් එකෙන් උපදින තාපය පාලනය කිරීම ඉතාමත් වැදගත්. අද මම මේ පෝස්ට් එකෙන් කතා කරන්න යන්නෙ Desktop කම්පියුටර් එකක CPU cooling ගැන. මොකද ෆෝන්ස්, ලැප්ටොප්ස් වල කූලින් අපිට ඕන විදිහට customize කරන්න බෑ සහ ඕනෙත් නෑ :D
පට්ට පරණ Athlon වගේ CPU ගැන අත්දැකීම් තියේනම් දන්නව ඇති Temp limit එක පැන්නොත් බඩු බනිස් තමා කියලා. නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක sensor භාවිතා කරලා Temp limit පනින්න යනවනම් පොඩ්ඩ පොඩ්ඩ Clock Speed අඩු කරලා බැරිම උනොත් මැශින් එකම ඕෆ් කරලා ප්‍රොසාට හානියක් නොවෙන්න වගබලා ගන්නවා. ඒ නිසා Overheat වෙලා CPU එකක් damage වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාආආආක් අඩුයි.
_________________________________________________________

🔵CPU එකක් කූල් කරන්න ප්‍රධාන විධි 3ක් තියෙනවා.
1. Air Cooling
2. Water + Air Cooling
3. Liquid Nitrogen
                                                              1. Air Cooling
CPU කූලින් කරන්න පුලුවන් ලාබදායිකම සහ සරලම විදිහ තමා Air Coolers භාවිතා කිරීම. මේකෙදි වෙන්නෙ CPU එකට Contact වුන තඹ හෝ ඇලුමිනියම් හරයකට තාපය උරාගෙන එයට සම්බන්ධ කරපු සිහින් ඇලුමිනියම් තහඩු අතරේ විහිදුවලා ෆෑන් එකක් මගින් ඒ තාපය පිට කරල දැමීමයි. මේ ලෝහ කොටස HeatSink කියලා හදුන්වනවා. මේ වෙනකොට තම තමන්ගේ උවමනාවන් අනුව අතේ අල්ලේ ප්‍රමාණයේ ඉදන් පාන් රාත්තල් බාගයක සයිස් Heat sink තියෙන air coolers බලාගන්න පුලුවන්.
Intel සමාගමෙන් තමන්ගේ Locked CPU සඳහා stock air cooler එකක් ලබාදෙනවා. OverClock කරන්න බැරි නිසා stock cooler එක හොඳටම ප්‍රමාණවත්. හැබැයි Encoding, Rendering Long run CPU intensive වැඩ නිතරම කරනවනම් aftermarket air cooler එකක් යොදාගැනීම වඩාත් සුදුසුයි. 2012/13 වෙනකන් ඉන්ටෙල්ලගේ stock cooler එක copper core එකක් තිබ්බ අඟල් එකහමාරක් දෙකක් විතර මහත හීට්සින්ක් එකක් සහිත යහපත් මට්ටමේ තිබුන cooler එකක් උනා. ලෝබකමේ මහත කියන්නෙ අළුතෙන් එවන stock cooler එක කළින් එකෙන් බාගයයි දෙයියෝ :\ (Pic : 1 ) AMDල අළුත් Ryzen lineup එකත් එක්ක Wraith Stealth , Spire, Max සහ Prism යන හොඳ තත්ත්වයේ stock air coolers සෙට්ටෙකක්ම එවනවා. ( Pic : 2)
_________________________________________________________
2. Liquid (+Air) Cooling
මෙතනදි වෙන්නෙ හීට්සින්ක් එකක් වෙනුවට CPU එක උඩින් තඹ හෝ ඇලුමිනියම් යකඩ කැටයක් (Block) තියලා ඒ හරහා ද්‍රවයක් යවලා CPU එකෙන් block එකට උරාගන්න තාපය ද්‍රවයට උරාගෙන ඒක radiator එකක් මගින් කූල්ඩවුන් කරන එක. මේ ක්‍රීයාවලිය චක්‍රයක් වගේ දිගටම සිදුවෙනවා. වතුර වගේ විශාල heat capacity එකක් තියෙන ද්‍රවයක් භාවිතා කරලා මේ වැඩේ කාර්යක්ෂමව කරන්න පුලුවන් කම ලැබිලා තියෙනවා.
Liquid Cooling කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා AIO නැත්තන් All in one liquid cooler ලෙස හදුන්වන්නෙ. මේකෙදි Block එක, Pipes, Pump එක සහ radiator එක ඕනෑම කෙනෙකුට පහසුවෙන් සවිකරන්න සහ හසුරුවන්න පුලුවන් ලෙසට තනි package එකක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ( Pic : 3 ) අනිත් ක්‍රමේ තමා Custom Liquid Cooling කියන්නෙ. මෙතනදි අපේ අවශ්‍යතාවය මත CPU 1කට හෝ 2කට හෝ කීයකට හෝ අමතර GPUත් liquid cool කරන්න පහසුකම් සලසනව. Block, pipes, pumps, resevs, radiators වෙන වෙනව මිළදී ගෙන එකිනෙක සම්බන්ධ කරලා කැමැති විදිහට ලූප් හදාගන්න පුලුවන්. මේක නිකන් ගෙදරක බටලයින් දානවා වගේ තමා.
_________________________________________________________
3. Liquid Nitrogen
Air හෝ Liquid cooling වලින් ලබාගත නොහැකි කූලින් performance ගන්න හැකියාව Liquid nitrogen හරහා ලබාගන පුලුවන්. මේකෙදි CPU එකට direct contact වෙන විදිහට තිබ්බ තඹ block එකකට පොඩි container එකක් සම්බන්ධ කරලා ඒකට LN2 වක්කරන එක. නැත්තන් සමහරු කෙලින්ම block එකට LN2 pipes හරහා සම්බන්ධ කරන අවස්තාත් දකින්න ලැබෙනවා. මේමඟින් ඉතාමත් වේගයෙන් CPU එක කූල් කරන්න පුලුවන් වගේම උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ ගණන් වලට ලගාවෙන්න පුලුවන්. Air හෝ liquid cooler එකකින් කවදාවත් ඒ වැඩේ කරන්න බෑ. ( Pic : 4)
_________________________________________________________

🔵ඇයි 3න් විදිහක් :\ ?
_________________
නිතරම CPU Intensive workload අදින්නෙ නැති මැශින් එකකට Air cooler එකක් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම ~1GHz එහා OC කරන්න යන්නෙ නැත්ත්න්. හැබැයි සමහර පාන් භාග Air coolers තියෙනවා AIO liquid cooler එකකට වඩා perform කරන. හැබැයි long term run වලට Air Coolers වලට වඩා Liquid cooling recommend කරනවා. නිතරම rendering / encoding කරන කෙනෙක්නම් AIO එකකට යෑම හොඳයි. නමුත් ගේමින් කරනනම් Air cooler එකක් ප්‍රමාණවත්. ඒම කියලා AIO / custom ගහන්න එපා කියනවා නෙවෙයි. සල්ලි තියෙනම් හූකෙයාර්ස් :3 දැනට consumer grade ඕනම CPU එකක් 5GHz විතර වෙනකම් OC කරන්න Liquid cooling භාවිතා කරලා පුලුවන් ඒත් AIO නෙවෙයි Powerful resvs, Pumps තියෙන Custom loop එකකට. ඒ වගේම GPU / MB වල කූලින් මදිනම් custom loop එකකින් එව්වත් liquid cool කරන්න පුලුවන්. Liquid nitrogen පාවිච්චි කරන්නෙ CPU එකෙ temp limits push කරලා 6-7GHz වගේ යනකම් OC කරන්න. මේක ප්‍රායෝගිකව එදිනෙදා භාවිතා කිරීමට සුදුසු නෑ වගේම සැලකිය යුතු වියදමක් දරන්න වෙනවා. CPU bench score වලින් World record තියන්න වගේ වැඩ වලට තමා liquid nitrogen cooling kit යූස් කරලා වැඩ කරන්නෙ. Kingpin කියන්නෙ එහෙම World record තිබ්බ, තියන ප්‍රසිද්ධ ඩයල් එකක්. ඒවගේම Gamers Nexus, Jayztwocents වගේ අයගේ YT videos බලලා තියේනම් සීන් එක මීටර් වෙනවා ඇති.

No comments:

Powered by Blogger.