Header Ads

Microsoft එකෙන් Windows දන්සැලක්
Windowsලබාගැනීම්

Microsoft එකෙන් Windows දන්සැලක් (Free upgrade old Windows version to Windows 10 full version) -

පොසොන් පෝය නිසා මේ දවස් වල එක එක විදිහෙ දන්සැල් රට වටේම දකින්න පුළුවන්. මේ කියන්න යන්නෙ මුළු ලෝකෙටම දෙන දන්සැලක් ගැන. දන්සැලක් කිව්වට දන්සැලක් නෙවෙයි. Microsoft එකෙන් දෙන තෑග්ගක්. අපි දන්සැල් දුන්නට එයාල එහෙම කරන්නෙ නෑනෙ.

දැනට Windows 7/8/8.1 පාවිච්චි කරන අයට Windows 10 නොමිලෙම දෙන්න Microsoft ආයතනය තීරණය කරල තියෙනවා. trial version එහෙම නෙවෙයි full version එකම. කැමති අයට ගන්න කියලා තමන්‍‍ගෙ කම්පියුටර් එකටම මැසේජ් එකක් එනවා.

එහෙම මැසේජ් එකක් එන්නෙ windows automatic updates on කරපු අයට විතරයි. ඒ මැසේජ් එක එන්නෙ update එකක් විදිහට. update number එක KB3035583. ඔය නම්බර් එක ක්ලික් කරල තමන්ට මැසේජ් එක ආවෙ නැත්නම් අරගන්න පුළුවන්.

මේ විදිහට තමන්ගෙ පරණ windows version එක Windows 10 වලට මාරු කරනව නම් දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ මේ මැසේජ් එකෙන් එන අප්ග්‍රේඩ් එක 3 GB වෙන බව. ඒ කියන්නෙ 3 GB ඩවුන්ලෝඩ් වෙන්න තියෙනවා. Windows 10 recommended system requirements පහළින් දාල තියෙනවා.

Processor: 1 gigahertz (GHz) or faster
RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
Free hard disk space: 16 GB
Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver
A Microsoft account and Internet access


https://support.microsoft.com/en-us/kb/3035583





සුබ උදෑසනක් වේවා
 පිංබර පොසොන් පොය දිනක් වේවා!
බුදු සරණයි..!
මාගේ මේ page එකට like කරන්නකෝ යාළුවනේ
https://www.facebook.com/pages/Movie-Download-CenterOnline-%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A/572549759473747?ref=hl

No comments:

Powered by Blogger.